ලයිසන් ගන්න පාස් වූ ලක්ෂ 3 කට වෙච්ච දේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

ලයිසන් ගන්න පාස් වූ ලක්ෂ 3 කට වෙච්ච දේ

ලයිසන් ගන්න පාස් වූ ලක්ෂ 3 කට වෙච්ච දේ

රටේ පවතින ඩොලර් අර්බුදය නිසා රියැදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කිරීමද නතරවී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.

 

ඒ අනුව රියැදුරු බලපත්‍ර ලබා ගැනීමට අදාළ පරීක්‍ෂණවලින් සමත්වූවන් ලක්‍ෂ තුනකට ආසන්න පිරිසකට මෙතෙක් රියැදුරු බලපත්‍ර කාඩ්පත් නිකුත් කර නැතැයි එම කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

 

මසකට රියැදුරු බලපත්‍ර හැටදහසක් පමණ නිකුත් කරන බවත් 2021 දෙසැම්බර් මස සිට මේ දක්වා අලුතින් රියැදුරු බලපත්‍ර කාඩ්පත් මුද්‍රණය කර නිකුත් කිරීමට නොහැකි වී ඇති බවත් එම ප්‍රකාශකයා පැවසීය.

 

රියැදුරු බලපත්‍ර කාඩ්පත් ලක්‍ෂ දහයක් මිලදී ගැනීමට ඉල්ලුම්කර ඇතත් එම කාඩ්පත් මිලදී ගැනීමට අදාළ ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය ඩොලර් නොලැබීම නිසා මෙම ප්‍රමාදය මතුව ඇතැයි ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කාර්යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

views

817 Views

Comments

arrow-up