උල් ඇණ ගැසූ බැරියර්, ආණ්ඩුව සැරසෙන්නේ ජනතා මර්ධනයටද..?
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
24

උල් ඇණ ගැසූ බැරියර්, ආණ්ඩුව සැරසෙන්නේ ජනතා මර්ධනයටද..?

උල් ඇණ ගැසූ බැරියර්, ආණ්ඩුව සැරසෙන්නේ ජනතා මර්ධනයටද..?

අද දිනයේ කොළඹ අවට ඇතැම් මාර්ග බාධකවල උල් ඇණ වැනි යමක් සවිකර කළු ඉටිකොළවලින් ආවරණය කර තැබීමෙන් ජනතාවට බරපතල තුවාල සිදුවිය හැකි තත්වයක් මතු කිරීම පිළිබදව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා.

 

 

නිවේදනයක් නිකුත් කරමින් නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා රජයට සහ පොලිසියට නැවතත් අවධාරණය කරන්නේ, පොලිස්පති – පොලීසිය හා සන්නද්ධ හමුදා ඕනෑම තත්ත්වයකදී ක්‍රියා කළ යුත්තේ, විරෝධතාකරුවන්ගේ හා ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමට බවයි.

 

 

සාමකාමී උද්ඝෝෂණ කිරීමේ අයිතිය මෙන්ම නිදහසේ ගමන් කිරීමේ පුරවැසි අයිතිය තහවුරු කිරීමේ අවශ්‍යතාවයද එමගින් සිහිපත් කර තිබෙනවා.

views

641 Views

Comments

arrow-up