ඉන්ධන අර්බුදය මැද ආ නව තෙල් ප්‍රවාහන මාර්ගෝපදේශයන් මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
01

ඉන්ධන අර්බුදය මැද ආ නව තෙල් ප්‍රවාහන මාර්ගෝපදේශයන් මෙන්න

ඉන්ධන අර්බුදය මැද ආ නව තෙල් ප්‍රවාහන මාර්ගෝපදේශයන් මෙන්න

ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකරන තෙල් බවුසර් රථවල බලපත්‍රලාභින්ගේ බලපත්‍ර අහෝසි කිරීම ඇතුළු ඉන්ධන බෙදාහැරීම සදහා නව මාර්ගෝපදේශයන් නිකුත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

 

ඉන්ධන බෙදා හැරීම වෙනුවෙන් ගනු ලැබූ නව මාර්ගෝපදේශයන් මෙසේ දක්වා තිබෙනවා දුම්රිය මගින් දැනට සිදු කරන 40%ක පමණ ප්‍රවාහන කටයුතු තව පුළුල් කිරීම සහ දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ගාස්තු සංශෝධනය සිදු කිරීම මගින් ඩිපෝ වෙනුවෙන් අවශ්‍ය සියලුම ඉන්ධන තොග දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම.

 

එසේම මෙතෙක් ලියාපදිංචි කිරීමට නොහැකිවූ නව රථ සඳහා CPSTL ආයතනයේ ප්‍රවාහන මිල ගණන්වලට බලපත්‍ර ලබා දීම සහ බලපත්‍ර නිකුත් කරන කාලය අවම කිරීමට පැය 24 පුරා නිළධාරී මණ්ඩලයක් යෙදවීම සහ අවශ්‍ය ක්‍රියාවලිය සිදු කිරීම මගින් සතියක් තුල නව බලපත්‍ර ලබා දීම.

 

ඉන්ධන පිරවුම්හල් හිමියන්ට හිමි බව්සර් රථ වෙනුවෙන් වෙනම තෙල් බෙදා දීමේ පර්යන්ත වෙන් කිරීම සහ ඔවුන්ට වෙනත් ඉන්ධන පිරවුම්හල් වෙත ප්‍රමුතාවය මත ගමන් වාර ලබා දීම. ඉදිරි දින දෙක තුල සේවයට වාර්තා නොකරන රථ වල බලපත්‍ර අහෝසි කිරීම සහ සේවයට පැමිණෙන රථවලට අවහිර කරන පුද්ගලයන්ගේ රථ වල බලපත්‍ර අහෝසි කිරීම සහ ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීම.

 

රජය සතු බව්සර් වැඩි වශයෙන් ධාවනය කරවීම සහ පැමිණෙන පෞද්ගලික රථ සඳහා ස්ථිර මිල සුත්‍රයක් යටතේ අවශ්‍ය සංශෝධන සිදු කිරීම සහ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීම. අවශ්‍ය ඉන්ධන තොග ප්‍රවාහනයට පැය 24ම පර්යන්ත ක්‍රියාත්මක කිරීම.

views

648 Views

Comments

arrow-up