“අපිට කන්න වෙන්නේ පස්, ණය නොගෙව්වොත් මැරෙන්න වෙන්නෙ” බඩඉරිඟු ගොවීන්ගේ අඳෝනාව

මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දුෂ්කරම ග්‍රාම නිලධාරි වසමක් වන කුකුළාපොල වසමේ සියළු හේන් ගොවීන් එක්ව පසුගිය දා රාත්‍රී 7.00ට පමණ විරෝධතාවයක නිරතවූහ.
එම අවස්ථාවේදී ගොවීන් පැවසුවේ වී වගාව නොකරන තමන් හේන් ගොවිතැනින් පමණක් ජීවනෝපාය සරිකර ගන්නා බවයි.
“අලි කරදරය අපිට කිසි අඩුවක් නැතිව තියෙනවා. අපේ වගාවට සමාවක් නැතිව උන් බැට දෙනවා.
අමාරුවෙන් බේරා ගන්න ටිකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. කොවිඩ් වලින් අපිට ඒකත් අහිමිවුණා.
අපිට වතුර හම්බවෙන්නෙත් හරි අමාරුවෙන්. අපට වෙනත් ආදායමක් නෑ. එක පාරම පොහොර නැතිකලාම අපි මොකද කරන්නේ.
අපිට කන්න වෙන්නේ මහපොළොවේ පස්. ණය ගෙවා ගන්න බැරිවුනොත් මැරෙන්න වෙන්නේ.
ඒ නැතුව අපි මොනවා කරන්නද? ඔය කියන කොම්පෝස්ට්වලින් අපි ඔය වැඩේ කෙරුවා.
මෙන්න තියෙනවා කොළාපාටින් වැහුණු හනසු විතරක්. බෙහෙතට එක ඇටයක් හොයා ගන්න බැහැ” යයි ඔවුහු පැවසූහ.
කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුරුවක්ද රැගෙනවිත් සිටි විරෝධතාකරුවන් එය පොළොවේ ගසා අගමැතිවරයාගේ ඡායාරූපයකට බඩ ඉරිඟු කවන ලදී.
682 Views
Comments