විදෙස් ධීවර යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ධිවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 23 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පේදුරුතුඩුවට නැගෙනහිරින් වූ මුහුදු ප්‍රදේශයේදී අදාළ ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේය.
එහිදී එම ධීවරයින් පැමිණි ට්‍රෝලර් යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගන්නා ලද එම ධීවර යාත්‍රාවන් තුළ නීතී විරෝධී ධීවර ආම්පන්න සමග එම පන්න ක්‍රමය භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස අල්ලන ලද මත්ස්‍යයින් ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත.
707 Views
Comments