මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහරදුන් දෙකක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
15

මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහරදුන් දෙකක් අත්අඩංගුවට

මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහරදුන් දෙකක් අත්අඩංගුවට

දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල කෝන්දෙණිය ප්‍රදේශයේදී දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

 

කෝන්දෙණිය ප්‍රදේශයේ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයෙකුගේ ආශ්‍රිතයෙකු නිවසේ නිරෝධායන කටයුතු සිදු කරමින් සිටියදි ඇති වූ බහින්බස් වීමක් මත සැකරුවන් මෙම පහරදීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

 

සිද්ධිය සම්බන්ධයෙන් දික්වැල්ල පොලීසියට ලැබුණු පැමිණිල්ලක් මත සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

views

798 Views

Comments

arrow-up