මෙරටින් හමු වූ ලොව විශාලතම මැණික් පොකුර විශේෂිත ගුවන් යානයක් මගින් චීනයට

පසුගියදා රත්නපුර , පැල්මඩුල්ල ප්‍රදේශය පෞද්ගලික ඉඩමකින් සොයාගත් ලොව විශාලතම මැණික් පොකුර සූදානම් කළ විශේෂිත ගුවන් යානයකින් චීනයේ ෂැන්හයි නුවර පැවැත්වෙන ලොව ප්‍රකට මැණික් වෙන්දේසියට රැගෙන යාමට තීරණය කර ඇත.
මැණික් හා මැණික් ආශ්‍රිත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා ප්‍රකාශ කළේ මෙය ශ්‍රී ලංකා රජය පූර්ණ මැදිහත්විමෙන් සිදුකරන ලද්දක් බවත් මෙම විශේෂිත ගුවන් යානය ජනාධිපතිතුමා විසින් ලබා දී ඇති බවත්ය.
මෙම මැණික් පොකුර ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන සීයකට අධික මිලක් ආසන්න වශයෙන් ඇස්තමේන්තු කර ඇති බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා කියා සිටියා.
1055 Views
Comments