ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සාර්ථක අක්මා බද්ධයක්

ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේදී ප්‍රථම වරට අක්මා බද්ධ සැත්කමක් සාර්ථකව සිදුකළ බව එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි ඒ හේවගේ මහතා පැවසුවේය.
මෙම සැත්කම 37 හැවිරිදි තරුණයෙකුට සිදුකළ බවත්, සිරෝසිස් රෝගයෙන් පෙළුණු මෙම තරුණයාට ඉක්මණින් අක්මා බද්ධයක් සිදුකළ යුතුව තිබු බවත් කී වෛද්‍ය හේවගේ මහතා ඉකුත් 30 වැනිදා කළ සැත්කම සියයට සියයක් සාර්ථක බව අද(08) දිනයේ තහවුරු කරගත් බවද සදහන් කළේය.
මොළය මියගිය 62 හැවිරිදි පුද්ගලයෙකුගේ අක්මාව රාගම රෝහලේ දී ලබාගත් බවත් එය පැය 12කට ආසන්න වේලාවක් ගතවූ සැත්කමකින් බද්ධ කළ බවත් අධ්‍යක්ෂවරයා පැවසුවේය.
විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය රොහාන් සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍යවරුන් දසදෙනෙක් ඇතුළු කණ්ඩායමකගේ සාමූහික ප්‍රයන්තයක් ලෙස මෙම සාර්ථක සැත්කම සිදුකළ බවත් පවතින කොරෝනා අවදානම හමුවේ එහි අවදානමද නොතකමින් සිදුකළ මෙම සැත්කම ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සුවිශේෂී ඉදිරි පියවරක් වන බවත් වෛද්‍ය හේවගේ වැඩිදුරටත් කීවේය.
අක්මා බද්ධ සැත්කම අධික වියදමක් සහිත සැත්කමක් වන අතර එය ඉන්දියාවේ දී සිදුකිරීමට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 120 ක් පමණ වැය වන සැත්කමක්වේ. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී මෙම පළමු සැත්කම කිසිදු අයකිරීමකින් තොරව නොමිලයේ සිදුකර තිබීම ද විශේෂත්වයක්වේ.
825 Views
Comments