මුව ආවරණ පළඳින්නැයි කියු නිසා PHIට උදැල්ලෙන් ගහලා - සැකකරු අත්අඩංගුවට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට උදැල්ලකින් පහර දීම හේතුවෙන් වාලච්චේන ප්‍රදේශයේ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පහරදීම සිදුකළ පුද්ගලයා මුව ආවරණයක් නොපැලඳ සිටීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ඔහුට මුව ආවරණයක් පලඳින උපදෙස් ලබා දී ඇත. එහිදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වාලච්චේන රෝහලට ඇතුළත් කර තිබුණු අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහලට මාරු කර යවා තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
787 Views
Comments