අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 75ක් සමඟ අයෙක් මැදවච්චියේදී මාට්ටු

අධි බලැති පුපුරණ ද්‍රව්‍යයක් වන ඇමෝනියා නයිට්‍රේට් කිලෝ 75 ප්‍රමාණයක් නිවසක තබාගෙන සිටි මැදවච්චිය රම්බකුලම ප්‍රදේශයේ පුද්ගලයෙක් විශේෂ කාර්ය බළකායේ සෙට්ටිකුලම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු බණ්ඩාරගම පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරුට මේවා ළඟ තබා ගැනීමට කිසිදු බලපත්‍රයක් නොමැති බවද විශේෂ කාර්ය බළකාය කියයි.
මෙම පුද්ගලයා සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක් මත ඊයේ පස්වරුවේ මොහු පදිංචි කුලී නිවස වැටලීමේදී එහි තුල තිබී මෙම අධිබලැති පුපුරණ දුව්‍ය සොයාගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
මොහු බණ්ඩාරගම සිට මැදවච්චිය ප්‍රදේශයට පැමිණ කිසියම් ත්‍රස්ත ක්‍රියාවක් සඳහා මෙම අධිබලැති පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේද යන්න හෙළිකර ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.
අත්අඩංගුවටපත් සැකකාර පුද්ගලයා මැදවච්චිය පොලිසියට බාර දී ඇත.
774 Views
Comments