මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ කෝට්ටේ නගර සභා සේවකයා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
08

මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ කෝට්ටේ නගර සභා සේවකයා

මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ කෝට්ටේ නගර සභා සේවකයා

වැලිකඩ පොලීසිය විසින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා කම්කරුවෙකු රුපියල් 750,000කට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් සහ හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම්   100ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

 

 


වැලිකඩ දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව මොරගස්මුල්ල හන්දිය ආසන්නයේ ත්‍රීරෝද රථ ගාලකදී, රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ පදිංචි "සුදු පුතා" නම් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.


අයිස් මත්ද්‍රව්‍ය පානයට තදින් ඇබ්බැහි වී ඇති මෙම සැකකරු කොස්වත්ත හා අංගොඩ ප්‍රදේශයන්හි පුද්ගලයන් දෙදෙනෙකුගෙන් අයිස් සහ හෙරොයින් මිලට ගෙන වසර පහක කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති බවත් කෝට්ටේ නගර සභා සේවකයින්ට හා කටුනායක ගුවන්තොටුපොළේ සේවකයින්ටද මත්ද්‍රව්‍ය බෙදාදී ඇති බව ප්‍රශ්න කිරීම් වලදි අනාවරණය විය.

 

 


ඒ අනුව මෙම සැකකරු මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

961 Views

Comments

arrow-up