ඉන්ධන හිඟය හේතුවෙන් බස් රථ ධාවනයත් කොට උඩ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
22

ඉන්ධන හිඟය හේතුවෙන් බස් රථ ධාවනයත් කොට උඩ

ඉන්ධන හිඟය හේතුවෙන් බස් රථ ධාවනයත් කොට උඩ

රට තුල ඇතිව තිබෙන ඉන්ධන හිඟය හේතුවෙන් අන්තර් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 250ක පමණ දෛනික ගමන් වාර අවලංගු කිරීමට සිදුව ඇතැයි අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසුවේය.

 

බස් රථක් ගමනාන්තයකට පැමින අනෙක් ගමනාන්තයට යාම සඳහා ඉන්ධන නොමැති වීමේ අවස්ථාද පවතින බව විජිත කුමාර මහතා කියා සිටයේය.

 

ඩීසල් හිඟය හේතුවෙන් බස් රථ ධාවනයට දැඩිව බලපෑම් එල්ල වන බවත් මේ හේතුවෙන් පාරිභෝගිකයන් මෙන්ම බස් රථ හිමියන්ද දැඩි පීඩනයට පත්වන බවත් ඔහු කියා සිටියේය.

 

ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ නියාමන වන අන්තර් පළාත් පෞද්ගලික බස් රථ 3200ක් පමණ තිබුණත් කොවිඩ් වසංගතයේ බලපෑම නිසා ඉන් මේවන විට ධාවනය වන්නේ 2000 ක පමණ ප්‍රමාණයක් බවත් ඔහු පැවසීය.

 

මෙම තත්වය දිගටම පැවතුනහොත් බස් ධාවනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වී මගීන් දැඩි අසීරුතාවයට මුහුණදීමට සිදුවනු ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේය.

views

662 Views

Comments

arrow-up