"සෞඛ්‍ය වර්ජනය අවසන් කිරීමට තීරණය කළා" - රවී කුමුදේශ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

"සෞඛ්‍ය වර්ජනය අවසන් කිරීමට තීරණය කළා" - රවී කුමුදේශ්

"සෞඛ්‍ය වර්ජනය අවසන් කිරීමට තීරණය කළා" - රවී කුමුදේශ්

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ක්‍රියාත්මක කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

 

ඔහු සඳහන් කළේ, ඒ අනුව සිය වර්ජනය හෙට උදෑසන 8.00 සිට දින 14ක කාලයක් සඳහා අත්හිටුවන බවය.

 

සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ඊයේ (14) සන්ධ්‍යාවේ පැවැත්වූ සාකච්ඡාවේ වාර්තා සටහන් මේ වන විට තමන් වෙත ලැබී ඇති බැවින් ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

 

සෞඛ්‍ය සේවා වෘත්තීය සංගම් 18ක් දින 9ක් පුරා ක්‍රියාත්මක කළ මෙම වර්ජනය හේතුවෙන් රෝහල් වෙත පැමිණි රෝගී ජනතාව පීඩාවට පත් වුණු බව අප වාර්තාකරුවෝ පැවසූහ.

views

932 Views

Comments

arrow-up