උසස් පෙළ විභාගයට විශේෂ ආරක්ෂාවක්

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ දිවයින පුරා මධ්‍යස්ථානවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
විභාග දෙපාර්තමේන්තුවේ හා සම්බන්ධීකරණයෙන් මෙම ආරක්ෂාව ක්‍රියාත්මක කරන බවත්, කොළඹ පිහිටි මධ්‍යම එකතු කිරීමේ මධ්‍යස්ථාන වලට, සම්බන්ධීකරණ කාර්යාල වලට, ප්‍රාදේශිය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වලට, උත්තර පත්‍ර පරික්ෂා කිරීමේ මධ්‍යස්ථාන වලට, හා රහස්‍ය ලේඛය ප්‍රවාහන කිරීමේදී අවි සහිත පොලිස් නිලධාරිගේ ආරක්ෂා ලබා දී ඇති බවද හෙතෙම කීය.
විභාග පැවැත්වෙන මධ්‍යස්ථාන අවට ජංගම සංචාර, යතුරුපැදි සංචාර, රාත්‍රි ජංගම සංචාර යොදවා අවශ්‍ය ආරක්ෂාව තහවරු කිරීම සිදුකරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
සෑම කොට්ඨාස බාර පොලිස් නිලධාරියකුටම, මුලස්ථාන පොලිස් පරීක්ෂකවරුන්ට හා පොලිස් ස්ථානාධිපතිවරුන්ට, පොලිස්පතිවරයා විසින් මේ සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
සෑම කොට්ඨාස බාර නිලධාරියෙක්ම මේ ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් අධීක්ෂණ සදහා සහකාර පොලිස් අධිකාරිවරයකු පත්කර ඇති බවත් ප්‍රදේශයේ කලාප අධ්‍යක්ෂවරයා සමග සම්බන්ධීකරණය වෙමින් අවශ්‍යතාව අනුව මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවද වැඩිදුරත් කීය
515 Views
Comments