කොවිඩ් වැළඳී දින 14කට පසුවත් වෛරසය ව්‍යාප්ත කල හැකි බවට නවතම හෙළිදරව්වක්

කොවිඩ් 19 ආසාදනය වූ සමහර පුද්ගලයන්ට දින 14කට පසුවත් වෛරසය ව්‍යාප්ත කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණයකින් අනාවරණ වී ඇත.
මේ කරුණු අනාවරණය වී ඇත්තේ, බ්‍රසීලය පාදක කරගෙන කොවිඩ් ආසාදිතයින් 38දෙනෙකු යොදාගනිමින් ප්‍රංශ සහ බ්‍රසීල විද්‍යාඥයින් සිදුකළ පර්යේෂණයකදීය.
සමහර රෝගීන්ගේ සිරුරේ දින 71ත් 232ත් අතර කාලයක් වෛරසය පැවතිය හැකි බවද විද්‍යඥයින් පෙන්වා දෙයි.
මේ අතර ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදය මෙරට සමාජය පුරා පැතිරෙමින් පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියා සිටියේය.
721 Views
Comments