මහින්ද ජයසිංහගෙන් දුක් ගැනවිල්ලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
15

මහින්ද ජයසිංහගෙන් දුක් ගැනවිල්ලක්

මහින්ද ජයසිංහගෙන් දුක් ගැනවිල්ලක්

වැටුප් විෂමතා සහනය විශ්‍රාමික ගුරු විදුහල්පතිවරුන්ට ලබා ලබා නො දීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමේ හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ලංකා ගුරු සේවා සංගමය හා විශ්‍රාමික ගුරු විදුහල්පති එකමුතුවේ සහභාගිත්වයෙන් දෙහිවල ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ දී අද පැවැත්වුණා.

 

එහි දී අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ, 1997-01-01 සිට වසර 25 ක විසි පහක කාලයක් පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය සම්බන්ධ වෘත්තීය අරගලය ඉකුත් ජූලි දොළොස් වැනි දා සිට නොවැම්බර් දොළොස් වැනි දා දක්වා මාස 4කට අධික කාලයක් පැවැත්වුණත් එහි ජයග්‍රහණ සම්බන්ධයෙන් පූර්ණ සතුටක් නොලබන බවයි.

 

එහි දී අප ජයග්‍රහණය ලැබූවත් විශ්‍රාමික ගුරු විදුහල්පතිවරුන් ලක්ෂයකට අධික පිරිසකට එය අහිමි වූ බවයි ඔහු සඳහන් කළේ.

 

වසර 25ක් තුළ වසර 25 තුළ ලක්ෂයකට අධික ගුරු විදුහල්පතිවරුන් විශ්‍රාම ගොස් ඇති බව පවසන මහින්ද ජයසිංහ, එම පිරිසට අයට සාධාරණයක් ඉෂ්ට විය යුතු බව අවධාරණය කරනවා.

 

ඊට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බවත් ඒ තුළින් සාධාරණයක් බලාපොරොත්තු වෙන බවත් ඔහු සඳහන් කරනවා.

 

මෙම අර්බුදයට නිසි විසඳුමක් නොලැබෙන්නේ නම්, උද්ඝෝෂණ ක්‍රියාවකට අවතීර්ණ වීමට සූදානම් බවත් ඔහු අවසාන වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.

views

933 Views

Comments

arrow-up