"අම්මේ, මගේ ඔලුව හිරිවැටිලා.. " පාඩම් නොකළැයි පියාගෙන් කොසු පහර කෑ දරුවා රෝහලේදී මිය යයි -සැකකාර පියා රිමාන්ඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

"අම්මේ, මගේ ඔලුව හිරිවැටිලා.. " පාඩම් නොකළැයි පියාගෙන් කොසු පහර කෑ දරුවා රෝහලේදී මිය යයි -සැකකාර පියා රිමාන්ඩ්

"අම්මේ, මගේ ඔලුව හිරිවැටිලා.. " පාඩම් නොකළැයි පියාගෙන් කොසු පහර කෑ දරුවා රෝහලේදී මිය යයි -සැකකාර පියා රිමාන්ඩ්

කොසු මිටෙන් පහරදී 16 හැවිරිදි තම පුතු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර පියා ඔක්තෝබර් 13 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප‍්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ඊයේ(30) නියෝග කළේය. 

 

සැකකාර පුද්ගලයාගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවිමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. 

 

පාඩම් නොකරන නිසා පියා විසින් කොසු මිටකින් පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ දරුවෙකු ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(30) අළුයම මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.

 

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 16 හැවිරිදි ගාල්ල මහමෝදර සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි 11 වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි. 

 

පාඩම් වැඩ සිදුනොකිරීම නිසා ඉන් ඉන් උරණ වූ පියා දරුවාගේ හිසට කොසු මිටකින් පහරදී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 

පසුගිය 29 වනදා පස්වරු 3.00ට පමණ මෙම සිද්ධිය වී ඇත. 

 

අනතුරුව පාසල් සිසුවා විසින් තම හිස හිරිවැටී ඇති බව මවට ප‍්‍රකාශකොට තිබේ. 

 

පසුව මෙම සිසුවාව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කොට තිබේ. 

 

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(30) අළුයම මොහු මියගොස් තිබේ.

 

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර පියා ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 49 හැවිරිදි අයෙකි. 

 

ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

views

21260 Views

Comments

arrow-up