අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
24

අද කාලගුණය

අද කාලගුණය

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි ඇති තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. 

 

ඊට අමතරව අද දිනයේ දී බස්නාහිර සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. 

 

දිවයිනේ අනෙකුත් ස්ථානවල මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතැම් විට ඇති විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා. 

 

මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් පුත්තලම සිට හම්බන්තොට දක්වා වැටී ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 45ත් 50ත් දක්වා වැඩි විය හැකි බවත් එබැවින් පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

views

597 Views

Comments

arrow-up