නිවසින් අතුරුදහන් වූ වයෝවෘද්ධ පුද්ගලයාගේ සිරුර කළපුවෙන් මතුවෙයි

පසුගිය සැප්තැම්බර් 21 අඟහරුවාදා රාත්‍රියේ 11.00 ට පමණ නිවසෙන් අතුරුදහන් වූ මඩකලපුව කුමරන්වේලි 12 ප්‍රදේශයේ පදිංචි කුමාරයියා ගෝපාලසාමි නැමති 68 හැවිරිදි පුද්ගලයාගේ සිරුර මඩකළපුව, කළපුවේ කුරුමන්වේලි ඕකවදීහිදී ඊයෙ (23)සවස ගොඩගෙන තිබෙනවා.
ඊයේ සවස කලපුවේ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් අනුව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් ගොස් බැලීමේදී එම සිරුර අතුරුදන්වු කුමාරයියාගේ බව හඳුනාගෙන ඇති අතර අනතුරුව ඥාතීන් විසින් ඒ පිළිබඳව මඩකලපු පොලිසියට දැනුම් දී තිබෙනවා.
අනතුරුව එම ස්ථානයට පැමිණි කලුවන්චිකුඩි පොලිසියේ සහ මඩකලපුව පොලිසියේ නිලධාරීන් ගම්වැසියන්ගේ සහය ඇතිව එම පුද්ගලයාගේ සිරුර ගොඩගෙන ඇති අතර එහිදී ඔහු විසින් භාවිතා කළ බස්තමක්, ටෝච් එකක් ගං ඉවුරේ තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කලුවන්චිකුඩි සහ මඩකලපුව පොලීසිය එක්ව විමර්ශන සිදුකරන බවයි වාර්තා වන්නේ.
736 Views
Comments