MAR
29
විදෙස්ගත ශ්‍රමිකයින්ට විදුලි වාහන ගෙන්වීමට අගෝස්තු මස තෙක් අවසර

විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර සඳහා ලබා දී තිබූ කාලසීමාව දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
අදාල ආනයන බලපත්‍ර ලබන අගෝස්තු මාසය දක්වා දීර්ඝ කරන බව අද (29) කොළඹ දී පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය වසරේ මැයි මස සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා මෙලෙස විදෙස්ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට රජය කටයුතු කර ඇති බව වාර්තා වේ.
292 Views
Comments