ඡන්දයට ඉදිරිපත් වී සිටින රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නැයි මෛත්‍රී ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

ඡන්දයට ඉදිරිපත් වී සිටින රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නැයි මෛත්‍රී ඉල්ලයි

ඡන්දයට ඉදිරිපත් වී සිටින රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්නැයි මෛත්‍රී ඉල්ලයි

පළාත් පාලන ඡන්ද විමසීම් සඳහා ඉදිරිපත් වී ඇති රාජ්‍ය සේවක අපේක්ෂකයින්ගේ වැටුප් ලබාදීමට සුදුසු නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසට ඉල්ලමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කොට ඇත.

 

 

දින නියමයක් නොමැතිව මැතිවරණය කල්යාම හේතුවෙන් වැටුප් නොලැබෙන රාජ්‍ය සේවක අපේක්ෂකයන් දැඩි දුෂ්කරතා වලට මුහුණ පා ඇති බව සිරිසේන මහතා ලිපිය මගින් පෙන්වා දී තිබේ.

 

 

මීට පෙරද මැතිවරණ කල්යාමෙන් ඇති වූ රාජ්‍ය සේවකයින් සම්බන්ධ ගැටළු වලදී නීතිමය සහ ප්‍රායෝගික තීරණ ලබාදී තිබෙන බවත් ඒ මහතා තම ලිපිය හරහා  වැඩිදුරටත් සඳහන් කර ඇත.

views

215 Views

Comments

arrow-up