වැල්ලම්පිටියේ ගෙවල් බිඳ ලක්ෂ දහයක බඩු ඉස්සු දෙදෙනෙක් දැලේ

රුපියල් ලක්ෂ දහයකට ආසන්න දේපළ සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.
වැල්ලම්පිටිය පොලිස් වසමේ නිවාස දෙකක් බිඳ එම නිවාසවලින් සොරාගත් ලැප්ටොප් පරිගණක පහක් සහ ගෑස් සිලින්ඩර හතරක් ද එම සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේ දී පොලිස් බාරයට ගෙන තිබේ. පසුගිය 3 වෙනි දින සහ 4 වෙනි දින මෙම සොරකම් සිදුකර තිබේ.
බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව සොරකමට සෘජුවම සම්බන්ධ වූ ප්‍රධාන සැකකරු කොළොන්නාවේදී අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් මත අනෙක් සැකකරුද අත්අඩංගුවට ගෙන තිබේ.
එම අපරාධය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරුට එරෙහිව අධිකරණය මඟින් වරෙන්තු තුනක් නිකුත් කර තිබෙන බවත්, ඊට අමතරව වැල්ලම්පිටිය පොලිසියේ ලියාපදිංචි අපරාධකරුවෙකු බවත් පොලිස් නිළධාරියෙකු කියා සිටී.
සොරාගත් දේපළවලින් කොටසක් වත්තල සහ වැල්ලම්පිටිය ප්‍රදේශවලට අඩු මුදලට විකුණා තිබියදී සැකකරුවන්ගෙන් අනාවරණ වූ තොරතුරු අනුව සොයා ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
243 Views
Comments