කාන්තා දිනය දා ගුවනේ විකුම් පෑ කාන්තාවෝ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

කාන්තා දිනය දා ගුවනේ විකුම් පෑ කාන්තාවෝ

කාන්තා දිනය දා ගුවනේ විකුම් පෑ කාන්තාවෝ

අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොට ගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවය කාන්තා ගුවන් නියමුවරියන්ගෙන්  සහ අනෙකුත් ගුවන් යානා කාර්යය මණ්ඩලය ද කාන්තාවන් පමණක් ඇතුළත් ගුවන් යානයක් අද උදෑසන ඉන්දියාවේ ට්‍රිචි නුවර  බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් කර හැරිය බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පවසයි.

 

අද දහවල් 11.10 ට මෙම ගුවන් නියමුවරියන් ඇතුළු කාන්තා කාර්යය මණ්ඩලය ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරන ගුවන් යානයෙන් ගුවන් මගීන් 61දෙනෙකු රැගෙන ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණ අතර ඔවුන් අද උදෑසන 08.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 131 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ ට්‍රිචි නුවර බලා, ගුවන් මගීන් 67දෙනෙකු රැගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත් වී ගොස් තිබුණි .

 

මෙම ගුවන් ගමන සදහා ඒ.- 320 එයා බස් වර්ගයේ ගුවන් යානයක් යොමු කර තිබූ අතර ප්‍රධාන ගුවන් නියමුවරිය ලෙස කපිතාන් චාමිකා රූපසිංහ සහ සහාය ගුවන් නියමුවරිය ලෙස පළමු පියාසර නිලධාරී බිමාලි ජීවන්දර කටයුතු කර තිබුණි.

 

මීට අමතරව ගුවන් යානා කාර්යය මණ්ඩලය ලෙස  තවත් කාන්තා නිලධාරිනියන් 05දෙනෙකු ද සහභාගී වී සිටියහ. 

 

ඔවුන් අතර ගුවන් කාර්යය මණ්ඩල ප්‍රධානී රොෂානී දිසානායක , ගුවන් මැදිරි අධීක්ෂක උපුලි වර්ණකුල, ගුවන් සේවිකා ලක්මිණි දිසානායක, ජයකළණි කින්සන් සහ හර්ෂි වල්පොල  සිටියහ ‍.

views

205 Views

Comments

arrow-up