කෙසෙල්ගමු ඔයේ තිබී බිළිඳු මළ සිරුරක් හමු වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

කෙසෙල්ගමු ඔයේ තිබී බිළිඳු මළ සිරුරක් හමු වේ

කෙසෙල්ගමු ඔයේ තිබී බිළිඳු මළ සිරුරක් හමු වේ

බගවන්තලාව - මහ එළිය රක්ෂිතයේ සිට කාසල්රී ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔයේ තිබී අලුත උපන් හෝ ගබ්සා කරන ලද බවට සැක කෙරෙන බිළිඳියකගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

බගවන්තලාව ලොයිනොන් වතුයායේ දෙමළ මහා විදුහල අසල බිළිඳු මළ සිරුරක් ඇති බවට වතුකම්කරුවන් බගවන්තලාව පොලිසියට අද (22) කළ දැනුම්දීම මගින් මෙම මළ සිරුර සොයාගෙන තිබේ.

 

පොලිසිය සැක පළ කරන්නේ, මළ සිරුර දින 3 කට පමණ ඉහත දී ප්‍රසූත කළ හෝ ගබ්සා කළ බිළිඳියකගේ බවයි.

views

250 Views

Comments

arrow-up