වසන්ත මුදලිගේගේ රැඳවුම් නියෝගය බල රහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටියි.
මෙලෙස රඳවා තබා ගැනීම නීති විරෝධී බවට තීන්දු කර ඔහුගේ රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.
203 Views
Comments