AUG
19
අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක යන අය දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යංශය රැඳවුම් නියෝගයක් නිකුත් කර තිබේ.
කෙසේ නමුත් පොලිසිය සඳහන් කළේ පෙරේදා (18) අත්අඩංගුවට ගත් ඔවුන් දෙදෙනාගෙන් පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි.
එසේ ම පෙරේදා (18) කොළඹ දී පැවති විරෝධතාවක් අතරතුර දී අත්අඩංගුවට ගත් තවත් 16 දෙනකු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් 15 දෙනෙකු ඇප මත මුදා හැර ඇති අතර එක් අයෙකු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
228 Views
Comments