ඇසළ පෙරහැර සාර්ථකව අවසන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
12

ඇසළ පෙරහැර සාර්ථකව අවසන්

ඇසළ පෙරහැර සාර්ථකව අවසන්

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය සාර්ථකව අවසන් කළ බව දියවඩන නිලමේවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංදේශයක් මගින් ඊයේ (12) පස්වරුවේ භාර දෙන ලදී.

 

ඒ අනුව දින දහයක් පුරා පැවති මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අවසන් කෙරුණේ ඊයේ (12) අලුයම ගැටඹේ දිය කපනා තොට විහාරස්ථානයේ සිදු කළ සිව් මහා දේවල් වල දිය කැපීමේ චාරිත්‍රයත් සමගයි.

 

ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර පෙරේදා (11) රාත්‍රියේ වීදි සංචාරය කළ අතර ජනාධිපතිවරයා විසින් එහි දී අලි ඇතුන්ට පලතුරු සංග්‍රහයක් ලබාදීමට ද කටයුතු කර ඇත.

 

 

 

 

 

views

246 Views

Comments

arrow-up