AUG
19
පොලිසිය හා අධිකරණය ඒ ගැන තීන්දු ගනී. කැළෑ නීතියට ඒවා විසඳන්න බැහැ - ආරක්ෂක ලේකම්

මහජන නියෝජිතයන් නීතිවිරෝධීව දේපළ උපයා ඇත්නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ මහජනතාව නොව රටේ නීතිය මගින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ඊයේ (19) පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයක දී ආරක්ෂක ලේකම්වරයා මේ බව පවසා ඇත.
එහි දී ආරක්ෂක ලේකම්වරයා පවසා ඇත්තේ,
“ප්‍රචණ්ඩත්වය වපුරපු අය උසාවියට ඉදිරිපත් කරද්දී නීතිඥවරු ඒ අය වෙනුවෙන් නැගිටලා අත්පුඩි ගැහුවා. පොලිස් නිලධාරීන්ගේ ධෛර්ය නැතිවුණා. වැරදි ලෙස මුදල් උපයා ගෙවල් හදලා තියෙනවා නම් පොලිසිය හා අධිකරණය ඒ ගැන තීන්දු ගනී. කැළෑ නීතියට ඒවා විසඳන්න බැහැ.”
195 Views
Comments