AUG
19
ලංකාවේ සෑම පුද්ගලයෙක් ම ලක්ෂ දහයක් ණයයි

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ණය ප්‍රමාණය මේ වන විට මිලියනය ඉක්මවා ඇත.
ශ්‍රී ලංකා මහා බැංකුවට අනුව 2022 වසරේ අප්‍රේල් මාසය වනවිට මධ්‍යම රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය මාස 4ක් ඇතුළත 32%කින් ඉහළ යෑම ඊට හේතු වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව 2022 අප්‍රේල් මාසය වන විට මධ්‍යම රජය ගෙවීමට ඇති සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 23,310.1 කි.
ඉන් රුපියල් බිලියන 12,442.3ක් දේශීය ණය වන අතර ඉතිරි රුපියල් බිලියන 10,867.8ක විදේශ ණයයි.
ඒ අනුව මෙරට ජනගහනය මිලියන 22ක් වන අතර ඒ අනුව සෑම පුද්ගලයෙක්ම ලක්ෂ 10 ක ණයකරුවන් බවට පත්ව ඇති බව එම වාර්තා පෙන්වා දෙයි.
199 Views
Comments