උපන් දිනයදා පාසල් සිසුවාව මරුවා අරන් යයි

ඊයේ(24) දින උපන්දිනය සමරන පාසල් සිසුවෙකු මුහුදේ ගිලී අතුරුදන් ඇතැයි පයාගල පොලිසිය පවසයි.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කලමුල්ල, කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි රන්මුතු ඩෙරන් සිල්වා නමැති 17 හැවිරිදි පාසල් සිසුවෙකු බව පොලිසිය පවසයි.
මිතුරන් දෙදෙනකු සමඟ පයාගල සාන්ත අන්තෝනි පාරේ කෙලවර මුහුදු වෙරළේ ගල් වැටිය අසල දිය නාමින් සිට ඇති අතර, එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇතැයි සඳහන්වේ.
අසල සිටි පුද්ගලයකු මුහුදට පැන රළ පහරට හසුව ගසා ගෙන යමින් සිටී අනෙක් සිසුන් දෙදෙනා බේරාගෙන තිබේ.
අතුරුදන්ව ඇති සිසුවා ගේ නිවසේ ඊයේ පස්වරුවේ උපන්දින සාදයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත්, එය සැමරීම සඳහා පැමිණ ඇති මිතුරන් දෙදෙනකු සමඟ දිය නෑමට ගොස් සිටියදී අනතුරට ලක්ව ඇති බවත් පැවසේ.
239 Views
Comments