SEP
18
පවුල් ප්‍රශ්න විසඳන්න ගිහින් අකුරැස්සේ පුද්ගලයෙකුට පොරවකින් පහර දෙයි

ඊයේ (17) රාත්‍රියේ අකුරැස්ස ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී පොරවකින් පහර දීමෙන් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ දියණිය සහ බෑනා අතර ඇති වූ ආරවුලකට මැදිහත්වීම හේතුවෙන් බෑනා විසින් ඊයේ (17) රාත්‍රියේ එම පුද්ගලයාට පොරවකින් පහර දී ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකි.
ඝාතනය සිදුකළ සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට වාර්තා වේ.
ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
281 Views
Comments