සමන්තා පවර් අද ජනපති හමුවෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
11

සමන්තා පවර් අද ජනපති හමුවෙයි

සමන්තා පවර් අද ජනපති හමුවෙයි

 

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය අද (11) දිනයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතව තිබෙනවා.

 

 

එසේම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් සමඟ වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදයට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව සාකච්ඡා කිරීමට ද ඇය සැලසුම් කර ඇති බවද සඳහන්.

 

 

මේ අතර වත්මන් අර්බුදය පිළිබඳව පෞද්ගලික අංශයේ නියෝජිතයින් සමඟද ඇය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

views

189 Views

Comments

arrow-up