උයන්වත්ත වැවේ පාවෙමින් තිබූ මළ සිරුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

උයන්වත්ත වැවේ පාවෙමින් තිබූ මළ සිරුර

උයන්වත්ත වැවේ පාවෙමින් තිබූ මළ සිරුර

බණ්ඩාරගම උයන් වත්ත වැවට වැටී අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර උයන්වත්ත වැවේ රාජගම තොටුපොළ ප්‍රදේශයේ පාවෙමින් තිබියදී ඊයේ(04) හමුවූ බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

 

එම පුද්ගලයා කවුදැයි මෙතෙක් අනන්‍යතාවය තහවුරු කරගෙන නොමැත.

 

උයන් වත්ත වැවේ දිය නෑමට පැමිණි තරුණයින් පිරිසක් විසින් පිරිමි පුද්ගලයෙකු ගේ ඇඳුම් පැළඳුම් පාවහන් යුගලක් සහ හිස් මත්පැන් බෝතලයක් දැක පොලිසියට දැනුම් දීමෙන් පසු සිදු කළ විමර්ශන වලදී මෙම මළ සිරුර හමුවී ඇත.

 

මෙම පුද්ගලයා මත්පැන් පානය කිරීමෙන් පසු දියනෑමට ගොස් දියේ ගිලෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

 

සිරුර තිබෙන ස්ථානයට හොරණ හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා පැමිණ මූලික විමර්ශන සිදු කළේය.

 

මියගිය පුද්ගලයා කාගේ කවුදැයි හඳුනා ගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා මෘත ශරීරය හොරණ මූලික රෝහලේ තැන්පත් කරන ලෙස හදිසි මරණ පරීක්ෂකවරයා නියෝග කළේය.

views

276 Views

Comments

arrow-up