“ඇති තරම් ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් තියෙනවා” - තෙල් සංස්ථාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
28

“ඇති තරම් ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් තියෙනවා” - තෙල් සංස්ථාව

“ඇති තරම් ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් තියෙනවා” - තෙල් සංස්ථාව

ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ඇතුළු ඉන්ධන තොග කිසිදු හිඟයකින් තොරව බෙදාහැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව එම සංස්ථාව පවසයි.

 

නිවේදනයක් නිකුත් කරමින් එම සංස්ථාව පවසන්නේ, සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කර ඇති අතර එය අඛණ්ඩව ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවය.

 

ඒ අනුව ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන සපුගස්කන්ද පිරිපහදුවේ නිෂ්පාදනය කෙරෙන බව එම නිවේදනයේ දැක්වේ.

 

එමෙන්ම ආනයනික ඉන්ධන කොළොන්නාව සහ මුතුරාජවෙල තොග ගබඩාවල පවතින බව ද ඔවුන් සඳහන් කළේය.

 

ඉදිරි ඉන්ධන සැපයුම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු මේ වන විට කෙරෙමින් පවතින අතර ඉන්ධන නොමැති බව පවසමින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් කිසිදු අනිසි බියක් ඇති කර නොගන්නා ලෙසටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවට දැනුම්දෙයි.

 

ඉන්ධන බෙදාහැරීම කඩිනමින් කරමින් පිරවුම්හල්වල තදබදය අවම කිරීමත් ඉන්ධන හිඟයක් නොමැතිව බෙදාහැරීමටත් සංස්ථාව කටයුතු කරමින් සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

views

208 Views

Comments

arrow-up