දුරකථන කුලුනුවල බැටරි සොරකම් කළ 5ක් අත්අඩංගුවට. බැටරි 138ක් සොයා ගැනේ.

දුරකථන සන්නිවේදන කුලුනුවල සවිකර තිබූ බැටරි සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙක් වීරකැටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වීරකැටිය, තංගල්ල, බෙලිඅත්ත, හක්මන, අම්බලන්තොට හා හම්බන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක පිහිටි දුරකථන සන්නිවේදන කුලුනුවල සවිකර තිබූ බැටරි සොරකම් කිරීම සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරකට අනුව මෙම සැකකරුවන් 05 දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරයි.
මෙහිදී සොරකම් කරන ලද බැටරි 138ක් සහ සොරකම් කිරීම සඳහා යොදා ගත් කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වලස්මුල්ල, හක්මන හා තංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් 05 දෙනෙකි.
සැකකරුවන් අද (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
250 Views
Comments