SEP
11
තෙල් නැව් 04ක් ආවත් ගෙවන්න සල්ලි නෑ - ආණ්ඩුව හතර අතේ ඩොලර් මිලියන 150ක් හොයයි

ඉන්ධන නැවු හතරක් සදහා ගෙවීම් කිරීමට රජය ඇමරිකානු ඩොලර් මිලියන 150 ක මුදලක් සොයමින් සිටින බව වාර්තා වේ.
දැනටමත් කොළඹ වරායට ඩීසල් නැව් දෙකක් සහ බොරතෙල් නැවක් පැමිණ තිබෙන අතර හෙට දිනයේ දී තවත් පෙට්‍රල් නැවක් පැමිණීමට නියමිතය.
මෙම ඉන්ධන නැව් හතරෙන් එක් ඩීසල් නැවක් සදහා කළ යුතු ගෙවීම් වලින් කොටසක් ගෙවා ඇති බව වාර්තා වේ.
ගෙවිය යුතු ඉතිරි මුදල් සොයාගත යුතු තත්ත්වයක් උදා වී ඇති අතර ඒ සදහා මහබැංකුව සමග සාකච්ඡා කරමින් සිටින බව පැවසේ.
234 Views
Comments