ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 2,000ක් මහා භාණ්ඩාගාරයේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
18

ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 2,000ක් මහා භාණ්ඩාගාරයේ

ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 2,000ක් මහා භාණ්ඩාගාරයේ

රටපුරා ඉදිකිරීම් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි 2,000ක පමණ මුදලක් මහා භාණ්ඩාගාරය තුළ පවතින බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා ප්‍රකාශ කරයි.

 

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

 

මහාමාර්ග අමාත්‍යාංශයේ ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටි 8,000ක මුදලක් ගෙවීමට නොහැකි බවට මහා භාණ්ඩාගාරය විසින් ප්‍රකාශ කර ඇති බව ද ලියනාරච්චි මහතා පවසයි.

 

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙරටට ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයනය කිරීමේ දී හිඟ අමුද්‍රව්‍ය වෙනුවෙන් අතිරික්තව තිබෙන අමුද්‍රව්‍ය ආනයනය කිරීමට අවස්ථාව ලබා දෙමින් වංචනික ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවයි.

 

views

258 Views

Comments

arrow-up