ක්‍රිකට් වැටෙන්න පටන් ගත්තේ 2015ඉදන් - ක්‍රිකට් වලට ඇඟිලි ගහන්න දේශපාලන අධිකාරියට අයිතියක් නෑ - නාමල්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

ක්‍රිකට් වැටෙන්න පටන් ගත්තේ 2015ඉදන් - ක්‍රිකට් වලට ඇඟිලි ගහන්න දේශපාලන අධිකාරියට අයිතියක් නෑ - නාමල්

ක්‍රිකට් වැටෙන්න පටන් ගත්තේ 2015ඉදන්  -  ක්‍රිකට් වලට ඇඟිලි ගහන්න දේශපාලන අධිකාරියට අයිතියක් නෑ - නාමල්

ක්‍රිකට් වැටෙන්න පටන් අරන් අවුරුදු 5ක් වන බවත් ක්‍රිකට් පරිපලානයට ඇඟිලි ගැසීමට දේශපාලන අධිකාරියට අයිතියක් නැති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(9) පාර්ලිමේන්තුවේදී පැවසීය.

 

ඒ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ක්‍රිකට් සම්බන්ධයෙන් යොමු කළ පැනයකට පිළිතුරු දෙමිනි.

 

එහිදී බුද්ධික පතිරණ මහතා විමසා සිටියේ මේ වනවිට ක්‍රිකට් පිළිබඳ කටයුතු කිරීමට කමිටුවක් පත්කර ඇත්තේ කුමක් සඳහාද යන්නයි. අ

 

මාත්‍යවරයා මෙසේ කියා සිටියේය.

 

“ක්‍රිකට් වැටෙන්න පටන් අරන් අවුරුදු 5ක් වන බවත් ක්‍රිකට් පරිපලානයට ඇඟිලි ගැසීමට දේශපාලන අධිකාරියට අයිතියක් නෑ.

ඒක ස්වාධීන ආයතනයක්. පැරණි ක්‍රීඩා පනත වෙනුවට නව පනතක් හඳුන්වා දිය යුතුයි.

වෘත්තීය වශයෙන් වැදගත් කමිටුවක් පත් කළේ ඒ පනත කෙටුම්පත් කරන්න. ක්‍රිකට් පරිපාලනය එකක්.

ක්‍රිකට් කියන්නේ තව එකක්. අරවින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයේ ක්‍රිකට් වෙනුවෙන් වෙනම කමිටුවක් දැම්මා.

ඒකෙන් බලාපොරාත්තු වෙන්නේ ක්‍රිකට් කියන කෑල්ල දියුණු කරන්න.

මෙය අවුරුදු 17න් පහළ පාසල් මට්ටමේ සිට ඉහළට ගෙන ආ යුතුයි. ‍තාක්ෂණික කටයුතු පිළිබඳ සොයා බලන්න හා වැඩපිළිවෙළ හදන්න ඒ කමිටුව පත්කරලා තියෙනවා.

ඉන්ටර්නැෂනල් ප්ලේයර් කෙනෙක් හදන්න අවුරුදු 5ක් 6ක් යනවා.

අද කළොත් 2023 වර්ල්ඩ් කප් එකට කෙනෙක් හදන්න පුළුවන්.

ක්‍රීඩාවට දේශපාලනය ගේන්න හොඳනෑ.”

views

543 Views

Comments

arrow-up