තනියම මුදල් අච්චු ගහගන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
15

තනියම මුදල් අච්චු ගහගන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට

තනියම මුදල් අච්චු ගහගන්න ගිය  දෙදෙනෙක් අත්අඩංගුවට

ව්‍යාජ මුදල් නෝට්ටු නීතිවිරෝධී ලෙස මුද්‍රණය කල පුද්ගලයින් දෙදෙනෙකු ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

සැකකරුවන් දෙදෙනා සමග ඔවුන් මුදල් මුද්‍රණය කිරීම සඳහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රය ද පොලිසිය භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

 

මෙම සිද්ධියෙහි විශේෂත්වය වන්නේ   සාමාන්‍යයෙන් ව්‍යාජ මුදල් මුදණය කිරීමේදී රු.5000/= වැනි ඉහළ වටිනාකමකින් යුත් නෝට්ටු මුද්‍රණය කළ ද මෙම සැකකරුවන් විසින් මුද්‍රණය කර තිබුණේ රුපියල් 100, 500 සහ රුපියල් 1000 නෝට්ටුය.

 

අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔවුන් සතුව ව්‍යාජ රුපියල් 100 නෝට්ටු 25ක් ද  රු. 500 යේ නෝට්ටු දහ අටක් ද, එක් රු. 1000 යේ නෝට්ටුවක් ද තිබී තිබෙනවා.

 

මේ හේතුවෙන් ගනුදෙනුවලදී රුපියල් 100 , 500 අඩු වටිනාකමකින් යුත් නෝට්ටු පිළිබඳවද අවධානය යොමු කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

 

views

1043 Views

Comments

arrow-up