Oxford එන්නත රුපියල් 570 කට - ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු හෙළිකරයි

ලෝකයේ බහුලව භාවිතා කරන කොවිඩ් නයින්ටීන් වෛරසයට එරෙහි එන්නත් අතරින් එකක් වන oxford එන්නත බ්‍රිතාන්‍යයේදී ඩොලර් තුනකට එනම් ලංකාවේ මුදලින් රුපියල් 570කට පමණ මිලදී ගත හැකි බව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහන් කරනවා.
එන්නතක් ලබා ගනිමින් සිටින ඡායාරූපයක් සමඟ ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබුණා. උපුටාගැනීම පහතින්...
~ වැක්සීන්... වැක්සීන්... වැක්සීන්..,
මේ වනවිට කොරෝනා වසංගතයට එරෙහිව ලෝකයේ බහුලව භාවිතා වන ඔක්ස්ෆෝඩ් කොවිඩ් වැක්සීන් එකක මිල රු. 570 කි. (3$)
අබමල් රේණුවක වටිනා කමක් නැති අප ශ්‍රී ලංකාවෙ පළාත් සභා චන්දයට වියදම් කිරීමට වෙන්කර ඇති මුදල රුපියල් කෝටි 750කි. එම මුදල, ලංකාවෙ ජනගහනයෙන් 65% කට, එනම් මිලියන 13 කට ඔක්ස්ෆෝඩ් කොවිඩ් වැක්සීන් එක එන්නත් කිරීමට ප්‍රමාණවත් වේ.
සංවර්ධනය වෙමින් පවතින රටවල් සදහා එම වැක්සීන් එකේ මිල ඉතා අඩු කර ඇත. අපි ඔක්ස්ෆෝඩ් වැක්සීන් එක ගැන විශ්වාසය තැබිය යුත්තේ ඇයි??
මක් නිසාද කොවිඩ් වෛරසයට වඩා දොළොස් ගුණයකින් මාරාන්තික ඉබෝලා වෛරසය මෙලොවින් තුරන් කිරීමට වැක්සීන් එක නිපදවූ ප්‍රකට බ්‍ර්තාන්‍ය ඔක්ස්ෆෝඩ් විද්‍යාඥයන් විසින් කොවිඩ් වැක්සීන් එක නිපදවා ඇත.
මේ වනවිට බ්‍රිතාන්‍යයේ ජනතාවගෙන් මිලියන 3 කට කිසිම අය කිරීමක් නොමැතිව ලබාදී ඇති අතර, මුළු රටේම ජනතාව එන්නත්කරණය වේගවත් කිරීමට දිවා රාත්‍රීව සතියේ දින හත පුරාම (24/7) එන්නත් කිරීමේ වැඩසටහන ආරම්භ කර ඇත. (Mass Vaccination Program) ඔක්ස්ෆෝඩ් වැක්සීන් එක සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයෙ ගබඩා කල හැකි අතර එය ලබාගත් කිසිදු පුද්ගලයකුට සැලකිව යුතු කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නැත.
කිහිපදෙනෙකුට සාමාන්‍ය උණ ගතියක් දැනුනත් එය පැරසිටමෝල් දෙකකින් ගොඩදා ගැනීමට හැක. ඔක්ස්ෆෝඩ් කොවිඩ් වැක්සීනය දින කිහිපයකට පෙර ලබා ගත්ත මා හට අඩුම තරමෙ උණ හෝ ඇග පත වේදනාවක් වත් දැනුනෙ නැති බව කියමි.
හොදම කාරණය නම් ඔක්ස්ෆෝඩ් වැකිසීන් එක සහ මත්පැන් අතර කිසිම සම්බන්ධයක් නැත. ඒ ගැන උනන්දුවක් තිබූ මා අදාල ප්‍රධාන වෛද්‍යවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ සැර මත්පැන් බෝතලයට වඩා පානය කිරීම ශරීරයට අහිතකර විය හැකි බවය.
ඇත්තටම වැක්සීන් එකෙන් වෙන්නේ කොවිඩ් වෛරස් එකට එරෙහිව ශරීරය තුල ප්‍රතිදේහ නිපදවීමයි. කොරෝනා වෛරස් එක අපේ ශ්වසන පද්ධතියට පැමින සක්‍රීය වීමට පටන් ගත් විටම, වැක්සීන් එකෙන් නිපදවුන ඇග තුල ඇති ප්‍රතිදේහ වලින් වෛරසය විනාශ කරන අතර ශරීරයේ සෛල වලට ආසාදනය නොවී වෛරස් අංශු විනාශ කිරීමට ප්‍රතිදේහ වලට හැකියාව ලැබේ. එම නිසා මගෙන් කාටවත් කොවිඩ් වෛරසය බාහිර කිසිම කෙනෙකුට බෝවීමක් සිදුවන්නේ නැති අතර මටද රෝගය වැලදීමක් සිදුනොවේ. දේශීය පැණිය ගැනත් සදහනක් නොකර බැරිය.
ඇත්තටම දේශීය ආයුර්වේද බෙහෙත් වලින් අපේ ශරීර ප්‍රතිශක්තිකරණය වැඩිකරයි.
වැක්සීනයට වඩා පැනිය වෙනස් වන්නෙ , පැනියට රෝගය ආසාදනය වීම වැළක්වීමට නොහැක. දින 8 ත් 10 ක් තුල කොවිඩ් රෝගීන්ගෙන් 97% ක්ම සුව වෙනු ඇත. එම දින 10 තුල. පැනිය නෙමෙයි උදේ හවස තේ බිව්වත් ඇගේ තියෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වී රෝගය සුව වනු ඇත.
හැබැයි ලොකුම අවුල තියෙන්නෙ එම දින 10 තුල ඔහුව ඇසුරු කර ආශ්‍රිතයන්ට රෝගය බෝවේ.. එම ආශ්‍රිතයන්ගෙන් තව තවත් සමාජය තුල පැතිරෙමින් රෝගය පාලනය කල නොහැකි මට්ටමට ව්‍යාප්ත වෙයි.
එම නිසා මහ කරුමයක් වී ඇති මේ කොවිඩ් වසංගතය ලෝකයෙන් අවසන් කිරීම සදහා සුදුසුම, පැහැදිලිම විසදුම වන්නේ..,
වැක්සීන්..., වැක්සීන්..., වැක්සීන්... ශ්‍රී ලංකාවාසී මිත්‍රයන්ගේ අවධානය පිණිස ලංඩනයේ සිට ලියමි.
සුරංග විදානගේ. ස්තූතියි.
754 Views
Comments