හෝමාගම පොලීසිය අවුරුදු 10ක ඉදන් කරපු හොර වැඩේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
08

හෝමාගම පොලීසිය අවුරුදු 10ක ඉදන් කරපු හොර වැඩේ

හෝමාගම පොලීසිය අවුරුදු 10ක ඉදන් කරපු හොර වැඩේ

හෝමාගම පොලීසිය නීතිවිරෝධී ලෙස ජලය භාවිතා කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා .

 


වසර 10ක පමණ සිට මෙම නීතිවිරෝධී ක්‍රියාව හෝමාගම පොලීසිය විසින් සිදුකර තිබෙන අතර එලෙස ලබාගෙන තිබූ එම සම්බන්ධතාවය අත්හිටුවීමට ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කටයුතු කර ඇත.

 

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ රත්මලාන විශේෂ වැටලීම් ඒකකයට ලැබුණු තොරතුරකට අනුව  එහි ගොස් තිබූ අතර එහිදී මෙම නීතිවිරෝධී නල මාර්ගය සොයාගෙන තිබෙනවා

 

හෝමාගම පොලිසියට ජල සැපයුම් මාර්ග 4ක් තිබී ඇති අතර පසුකාලීනව ඉන් තුනක් විසන්ධි කිරීමට කටයුතු කර ඇත. එසේ විසන්ධි කරන ලද මාර්ගයක් ඔස්සේ මෙලෙස නීතිවිරෝධී ලෙස යළිත් ජලය ලබාගෙන තිබූ බව අනාවරණය විය.

 

මේ හේතුවෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් ලක්ෂ 15කට වැඩි පාඩුවක් සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

 

views

638 Views

Comments

arrow-up