විටමින් ඩී ගැන අලුත්ම ආරංචිය මෙන්න

විටමින් ඩී අවශෝෂණය කරගැනීමට සුදුසුම වේලාව උදෑසන 10 සිට සවස 3 දක්වා කාලය බවට නවතම දත්ත සනාථ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පෙන්වා දෙයි.
එම කාර්යාංශය පවසන්නේ, උදෑසන 7, 8, 9 වැනි කාලයේදී හිරු එළියට නිරාවරණය වීමෙන් විටමින් ඩී ශරීරයට අවශෝෂණය වන බවට මින් පෙර සඳහන් වූ නමුත් සාමාන්‍ය ඇඳුමෙන් සැරසී, උදෑසන 10ත් සවස 3ත් අතර කාලය තුළ විනාඩි 15 - 30 අතර කාලයක් හිරු එළියට නිරාවරණය විය යුතු බවට වර්තමානයේදී සොයාගෙන ඇති බවයි.
මේ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරමින් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය සුපුන් විජේසිංහ මහතා පෙන්වා දුන්නේ, විටමින් ඩී. ප්‍රශස්ත මට්ටමට පවත්වාගැනීම මගින් ශරීරය ආසාදනවලින් ආරක්‍ෂා වීම, ප්‍රතිශක්තිය ඉහළ මට්ටමින් පවත්වාගත හැකි වීම, ශ්වසන රෝගවලින් වැළකීම, ශක්තිමත් අස්ථි පද්ධතියක් සකස් වීම යනාදී ප්‍රතිලාභ ලැබෙන බවයි.
මාංශ පේශීවල මෙන්ම මොළයේ ක්‍රියාකාරීත්වයටද වැදගත් කාර්යභාරයක් විටමින් ඩී මගින් ඉටුකෙරෙන බවද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.
විටමින් ඩී ඌනතාව මගහරවාගැනීමට ගත හැකි ආහාර ලෙස සාලයා, සූඩයා, හුරුල්ලන්, බෝල්ලු වැනි තෙල් සහිත මත්ස්‍යයන් මෙන්ම බිත්තර කහමදය, රතු මස්, සත්ව අක්මාව හෙවත් ‘පීකුදු” දැක්විය හැකිය.
එමෙන්ම මෙරට වයස අවුරුදු 10-18ත් අතර ළමයිගේ විටමින් ඩී ඌනතාව 13.2% ලෙස වාර්තා වී ඇති අතර, නාගරික ජනගහනයෙන් වැඩිහිටියන්ගේ 53%කට ආසන්න ප්‍රමාණයක් විටමින් ඩී ඌනතාවෙන් පෙළෙන බවට සොයාගෙන ඇත.
251 Views
Comments