අපි පාඩු නෑ - ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් ප්‍රකාශයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

අපි පාඩු නෑ - ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් ප්‍රකාශයක්

අපි පාඩු නෑ - ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙන් ප්‍රකාශයක්

 

ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම රජයට මූල්‍යමය පාඩුවක් අත්කර නොදෙන, රටට කිසිසේත් බරක් නොවන ආයතනයක් බව එම සමාගම පවසනවා.

 

 නිවේදනයක් නිකුත් කරමින් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම පැවසුවේ “ශ්‍රී ලංකාවේ පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය” යනුවෙන් නිකුත් කරන ලද, මෑත කාලීන මාධ්‍ය ප්‍රකාශයන් හරහා එම සමාගම ද පාඩු ලබන රාජ්‍ය ආයතනවලින් එකක් ලෙස ලැයිස්තු ගත කර ඇති බවයි. 

 

එහෙත් ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම සම්පූර්ණයෙන් රජයට අයත් පුද්ගලික සමාගමක් බවත්, 2022 වසරේ හොඳම ගුවන් තොටුපළ කාණ්ඩයේ 05 වන ස්ථානය හිමිකර ගෙන ඇති බවත් එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.

 

සේවකයන් 4,000 කට ආසන්න පිරිසක් සේවය කරනු ලබන ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම මේ දක්වා රටේ ආර්ථිකයට හෝ බදු ගෙවන මෙරට සාමාන්‍ය ජනතාවට කිසිඳු ආකාරයකින් බරක් නොවූ බවත් එම සමාගම පවසනවා.

views

182 Views

Comments

arrow-up