යාපනය සරසවියේ තවත් සිසු ගැටුමක්

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා (9) තුන් වන වරටත් ඇති වූ ගැටුමකින් එක් සිසුවෙකු තුවාල ලබා ඇත.
යාපනය, මනිපායි පොලිසිය පැවසුවේ විශ්වවිද්‍යාලයේ නවක ශිෂ්‍යයෙකු කොට කලිසමකින් සැරසී බාහිර අයෙකු සමඟ විශ්වවිද්‍යාලයට පැමිණීමේ සිද්ධියක් මුල් කරගෙන මෙම ගැටුම සිදුව ඇති බවයි.
පහරදීමේ සිද්ධියට යාපනය විශ්වවිද්‍යාලයේ තුන්වන හා හතර වන වසරවල සිසුන් පිරිසක් සහභාගි වී ඇති බවට තොරතුරු ලැබී ඇත.
පහරකෑමට ලක්ව තිබෙන්නේ විශ්වවිද්‍යාල සිසුවකු නොවන අයෙකු සමඟ කොට කලිසමකින් සැරසී විශ්වවිද්‍යාල භූමියට පැමිණි පුද්ගලයා බවටද තොරතුරු හෙළිවී තිබේ.
යාපනය විශ්වවිද්‍යාලයේ නවක වධය ලබාදෙන මේ කාලයේදී සිසුන් අතර ගැටුම් හටගත් තුන්වන අවස්ථාව මෙය වේ.
මනිපායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
668 Views
Comments