අභිමානවත් 74වන ජාතික නිදහස් දිනය අදයි

74 වන ජාතික නිදහස් දිනය අදට(04) යෙදී ඇත.
74 වන නිදහස් දින සැමරුම් උළෙල කොළඹ නිදහස් චතුරඝ්‍රයේදී අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතය.
“අභියෝග ජයගත් ඉසුරුමත් හෙට දිනක් - සෞභාග්‍යමත් මව්බිමක්” යන්න මෙවර නිදහස් සැමරුම් උළෙලේ තේමාවයි.
පෙරවරු 8.13ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සව සභාව වෙත පැමිණීමත් සමඟ නිදහස් උළෙලේ කටයුතු ආරම්භවීමට නියමිතය.
ජාතිය වෙනුවෙන් දිවිපිදු විරුවන් සිහිකිරිමට විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පැවැත්වීමෙන් පසුව ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට නියමිතය.
ත්‍රිවිධ හමුදා පෙළපාලි සහ සංස්කෘතික කණ්ඩායම්වල අංග ඉන් අනතුරුව පැවැත්වෙනු ඇති.
755 Views
Comments