ප්‍රේමය ගිනිගෙන නිවසක් කුඩු කල තිදෙනෙක් පොලිස් කූඩුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
04

ප්‍රේමය ගිනිගෙන නිවසක් කුඩු කල තිදෙනෙක් පොලිස් කූඩුවට

ප්‍රේමය ගිනිගෙන නිවසක් කුඩු කල තිදෙනෙක් පොලිස් කූඩුවට

යාපනය, කොන්ඩාවිල් ප්‍රදේශයේ නිවසකට ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයින් තිදෙනෙකු කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

යාපනය, කොන්ඩාවිල් ප්‍රදේශයේ පිහිටි මෙම නිවසට යතුරුපැදියකින් පැමිණි පිරිසක් ප්‍රහාරයක් එල්ල කොට නිවසට දැඩි අලාභ හානි සිදු කොට තිබේ. 

 

ඒ අනුව අදාළ සිද්ධිය පිළිබඳව කෝපායි පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කොට ඇත.

 

එහිදී පොලිසිය ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කොට සැකකරුවන් හඳුනාගෙන ඇති අතර පසුව මෙම සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණ.

 

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී පොලිසිය විසින් මෙම ප්‍රහාරයට හේතුව පෙම් සබධතාවයක් බවට කරුණු අනාවරණය කර ගෙන ඇත.

views

701 Views

Comments

arrow-up