යතුරුපැදිය ලොරියේ ගැටී තරුණයින් දෙදෙනා අවාසනාවන්ත ලෙස දිවි ගමන නිමා කරයි

මුත්තෙට්ටුගල, ගනේවත්ත මාර්ගයේ වැල්ලව මහකන්දේගම පාලම අසලදී පසුගිය 02වනදා රාත්‍රී 10ට පමණ යතුරුපැදියක් හා කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
වැල්ලව පනාගමුව වත්තේ පදිංචිව සිටි 43 හැවිරිදි කේ. එම්. සුජිත් රංගන සහ හුණුපොල, දොළුකන්ද ප්‍රදේශයේ 19 හැවිරිදි කේ. එම්. කනිෂ්ක නිර්වාන් කරුණාරත්න නමැති තරුණයා මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව තිබේ.
යතුරුපැදිය පැදවූ සුජිත් රංගන ප්‍රවාහන පහසුකමක් නැතිව මඟ රැඳී සිටි තරුණයාද නංවාගෙන වැල්ලව නගරය දෙසට ගමන් කරමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයේ ගැටී ඇත.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් වැල්ලව රෝහලට ඇතුළත් කිරීf දී මරණයට පත්ව තිබේ.
ලොරි රියැදුරාද තැලූම් තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර අනතුරට පත් වාහන වැල්ලව පොලිසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැල්ලව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
695 Views
Comments