හරින්ගේ සෞඛ්‍ය යහපත් අතට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
04

හරින්ගේ සෞඛ්‍ය යහපත් අතට

හරින්ගේ සෞඛ්‍ය යහපත් අතට

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා හෘද රෝගයක් හේතුවෙන් රෝහල් ගත කර තිබුනේ පසුගිය 28 වැනිදාය.

 

හරීන් ප්‍රනාන්දු මහතා මීට මාස කිහිපයකට පෙර හදවත් සැත්කමකට භාජනය කළ අතර පෙර ශල්‍යකර්මයෙන් ඔහුට සංකූලතා ඇති වී ඇති බවටයි වාර්තා වන්නේ.

 

පසුගිය සිකුරාදා හරීන් ප්‍රනාන්දු මහතාට තවත් ශල්‍යකර්මයක් සිදු කෙරූ අතර මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

 

තවද තමා හට සුවය පැතූ සියලු දෙනාට සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ස්තුති කිරීමටද හරීන් ප්‍රනාන්දු මහතා කටයුතු කොට තිබේ.

views

770 Views

Comments

arrow-up