අය වැය හිඟය පියවන්න කෝටි තුන් ලක්ෂයක ණයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
27

අය වැය හිඟය පියවන්න කෝටි තුන් ලක්ෂයක ණයක්

අය වැය හිඟය පියවන්න කෝටි තුන් ලක්ෂයක ණයක්

ලබන වර්ෂයේ අයවැය හිඟය පියවීම සඳහා දේශීය හා විදේශීය මූලාශ්‍ර වලින් රුපියල් කෝටි තුන්ලක්ෂ දහඅට දහස් හාරසියයක ණය ලබා ගැනීම සඳහා රජය අපේක්ෂා කරයි.

 

ලබන වසර සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට අද(27) ඉදිරිපත් කරනු ලබන අතර, මෙම ණය ලබා ගැනීම් යෝජනාවද ඊට ඇතුළත් කර තිබේ.

 

රජයේ ආදායම වියදමට වඩා අඩුවීම හේතුවෙන් මෙම ණය මුදල් ලබා ගැනෙනු ඇත. 

 

ලබන වර්ෂයේ සමස්ත පුනරාවර්තන වියදම රුපියල් කෝටි දෙලක්ෂ අසූ හත් දහස් අටසියයක් පමණ වන අතර, ප්‍රාග්ධන වියදම රුපියල් කෝටි දෙලක්ෂ පනස් පන්දහසක් පමණ වනු ඇතැයි ගණන් බලා තිබේ.

 

ඒ අනුව ලබන වසරේ රජයේ සමස්ථ වියදම රුපියල් කෝටි පන්ලක්ෂ දහතුන් දහස් හාරසියයක් පමණ වනු ඇතැයි ඇස්තමේන්තු ගතකර තිබේ.

views

712 Views

Comments

arrow-up