අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
16

අද කාලගුණය

අද කාලගුණය

අද (16) දිනය තුලදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරනවා.

 

නැගෙනහිර සහ ඌව පළාතේ ස්ථාන කිහිපයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

 

එමෙන්ම සබරගමුව පළාත තුළත් කළුතර, ගාල්ල, මාතර, නුවරඑලිය, මහනුවර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ දී මිලිමීටර 75ක පමණ තරමක තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

 

කෙසේ නමුත් මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 11,074 කට අයත් පුද්ගලයින් 42 252 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

 

මීට අමතරව දිවයිනට බලපා ඇති වැසි හා සුළං සහිත අයහපත් කාලගුණය හේතුවෙන් පාරිභෝගිකයන් 150 000 කට පමණ මේ වන විටත් විදුලි සැපයුම නොමැති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළා.

 

විදුලිය බිඳවැටීම් ආදි සිද්ධි පිළිබඳව පැමිණිලි 22000 පමණ ලැබී ඇති බවයි විදුලිබල අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

views

630 Views

Comments

arrow-up